April 30, 2022
50
No Comments
You must need to login..!
Description
“කුමන ආර්ථික අර්බුදයක් පැවතියත් දේශීය බැංකු පද්ධතියබැංකු පද්ධතිය රැක ගත යුතුයි.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය රංජිත් සියඹලාපිටිය
මේ වන විට මහා භාණ්ඩාගාරයේ අයිරාව ඉහළ ප්‍රතිශතයක් ගන්නා බැවින් දේශීය රාජ්‍ය බැංකු පද්ධතිය අනවශ්‍ය බරක් යෙදවීමට කටයුතු නොකිරීම රජයේ වගකීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි,
මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කළේය රජය විසින් දේශීය අරමුදල් මගින් සපයා ගන්නා ලද ණය නිසි පරිදි ගෙවීමට කටයුතු කිරීම තුළින් බැංකු පද්ධතියේ සුරක්ෂිතතාවය රැකගත හැකි බවයි.