ආර්ථික විද්‍යාඥයන් දැනුම ලබා ගෙන ගොවීන්ට පොහොර ලබාදී කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට අනිවාර්යයි.

video
play-sharp-fill

You must need to login..!

Embed Code

Description

පසුගියදා ජනාධිපති වරයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශේෂ සාකච්ඡාවක නිරත විය.

එහිදී ශ්‍රි ලංකාවේ ආර්ථික තත්වය සහ දිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා,

ශ්‍රී ලංකාව තුල ගොඩනැගී ඇති ආර්ථික අර්බුදය ගොඩගැනීම අපහසු නොවන කාරණයක් බව එහිදී ප්‍රකාශ කලේය.
මෙහිදී වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ඔහු සඳහන් කළේ 2009 දී IMFඅරමුදල මගින් ලබාගත් ණය මුදල නිසා එවක රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අවස්ථාව උදා උන බවයි.ඒ නිසා නිලධාරීන් සමග කඩිනමින් සාකච්ඡා කොට ණය මුදල ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ඔහු සඳහන් කළේය.

ඩොලර් සංචිත නිසි කළමනාකාරිත්වයකින් තොරව භාවිතා කිරීම නිසා වත්මන් තත්වය උද්ගත වී ඇති බවත් වසර කීපයක් මුළුල්ලේ අවම වශයෙන් ඩොලර් මිලියන සියයක් වත් ඉතුරු කර තිබිය නම් මෙවැනි තත්ත්වයකට බිය නැතිව මුහුණ දීමට හැකියාව උදා වන බව එහිදී ඔහු ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු පනතකින් සම්මත කරගත් පදනමක් මත ඉදිරියේ දී හෝ ඩොලර් සංචිත ඉතිරි කිරීමට කටයුතු කළ යුතු බවත්එ මෙන්ම අවිධිමත් මුදල් කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ වගකීමෙන් බැහැර විය නොහැකි බව සඳහන් කළේය.

එමෙන්ම පක්ෂ 11කින් ගොඩනගන ලද සන්ධානය ඉදිරියේ දී නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් රජයට බලපෑම් කණ්ඩායමක් ලෙස තීරණාත්මක ලෙස කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම ප්‍රවීණයන්ගෙන් ආර්ථික විද්‍යාඥයන් ගෙන් නිසි දැනුම ලබා ගැනීමත් ගොවීන් සඳහා පොහොර ලබාදී රටේ කෘෂිකර්මාන්තය සංවර්ධනය කිරීමට රජය කටයුතු කිරීම අනිවාර්ය බවත් ඔහු ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *