You must need to login..!
Description
ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලධාරි මණ්ඩලය පත් කිරීමේ නිලවරණය පසුගියදා තලවතුගොඩ කැෆේ 47 හීදී පැවැති අතර, එහිදී නව සභාපති ලෙස අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන, ප්‍රධාන ලේකම් ලෙස ලුතිනන් කර්නල් රවින්ද්‍ර යන මහත්වරුන් නිතරඟයෙන් තේරී පත් වූහ.
චන්ද්‍රපාල ලියනගේ, ධම්මික සොලමන්, තිසර ගුණසිංහ, සුපුන් නිර්මාල් හා සුධර්මන් රදලියගොඩ යන මහත්වරුන් උප සභාපති වරුන් ලෙස තේරී පත් වූහ.
මේ අවස්ථාවට දිස්ත්‍රික් ක්‍රීඩා සංගම් නියෝජනය කරමින් සාමාජිකයන් සීමිත පිරිසක් හා ක්‍රිඩා අමාත්‍යංශය නියොජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙක් එක්ව සිටියහ.
මෙහිදී සභාව ඇමතූ අභිනව සභාපති කිත්සිරි ගංගනාත් අබේගුණවර්ධන මහතා, අතිගරු ජනාධිපති තුමාගේ, ගරු අග්‍රාමාත්‍ය තුමාගේ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ලාගේ පූර්ණ ආශිර්වාදයෙන්, විනයක් සහිත දක්ෂතා පිරි ගම්බද ක්‍රිකට් ක්‍රීඩකයින් සොයා ඔවුන් ජාතික සම්පත් ලෙස රටට දයාද කිරීමට තමන් හා අභිනවයෙන් පත්වූ නිලධාරි මණ්ඩලයේ බලාපොරොත්තුව බව පැවසූහ.
නව නිලධාරි මණ්ඩලයට kaputaTV.com අපගේ සුභාශිංසන එක් කරමු.