කලක් තිස්සේ හිතක් පත්ලේ | Kalak Thisse hithak Pathle – H R Jothipala

Description

කලක් තිස්සේ හිතක් පත්ලේ
පිපී රන්වන් මලක් දිලුණේ
තුෂාරා පත් මුදුන් සරසා
සුපෙම් හැඟුමන් හිතේ ගවසා
කලක් තිස්සේ හිතක් පත්ලේ
පිපී රන්වන් මලක් දිලුණේ
.
ලොවේ ඉපදී මෙසේ තනි වී
දුකින් බර වී පරාජිත වී
හිතේ සංකා නිවා මාගේ
හිතේ සංකා නිවා මාගේ
ප්‍රියා මොකදෝ තවත් නාවේ
.
නෙතින් නෙත මේ ගැටී ගොළු වේ
අපේ ලොව පෙම් රසින් කැළතේ
දිවා රැය මේ ගෙවී යන්නේ
දිවා රැය මේ ගෙවී යන්නේ
නිදා නොනිදා පහන් වෙන්නේ
.
කොහේදෝ යම් දිනක දෙන්නා
එකට එක් වී මෙසේ උන්නා
එදා හඳ පායලා අහසේ
එදා හඳ පායලා අහසේ
අපට කිව්වා යමක් රහසේ
.
.
මුල් ගායනය – එච්. ආර්. ජෝතිපාල
ගේයපද – ශ්‍රී නිහාල් ජයසිංහ
සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

අද සිට කපුටාTv තුලින් නවක මුහුණු සහ ඔවුන්ගේ නිර්මාණ එලිදැක්වීමට සූදානම්. නවකයින් සදහාම වූ වේදිකාවක් තනන්නට කපුටාTv අප බලාපොරොත්තු වෙමු. ඔබගේ හා ඔබ පවුලේ සමාජිකයන්ගේ එවැනි නිර්මාණ අපට එවන්න. චිත්‍ර, ගීත, රූප රචන, කෙටි කතා, නව කතා, ගීත රචන ඒ වාගේම කුසලතා නිරූපන, කෙටි චිත්‍රපටි, ඉවුම් පිහුම් වැඩසටහන් වැනි ඕනෑම දක්ෂතාවයතට මෙම වේදිකාව විවෘතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *