You must need to login..!
Description
මේ වනවිට රට පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීමේ උදාර අරමුණු ඇතිව දෙස් විදෙස් පැසසුමට පාත්‍ර වූ ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගට මුදා හැරීමට පියවර ගෙන තිබේ.
මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහැරීමට පියවර ගෙන තිබේන බව දැනගන්නට ඇත.
ඒලියන්ත වයිට් මහතා විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්නකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ලොව රාජ්‍ය නායකයන් විශාල පිරිසකට මෙන්ම ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්, අපේ ලසිත් මාලිංග, ෂෙහාන් අඹේපිටිය, ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක අශිෂ් නෙහෙරා ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ඒ මහතාගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා සුව වී තිබිණ.